අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස්‌ වර්ජනයක්‌

(කොළඹ, ලංකාපුවත්) –රථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සංවිධායක යූ. කේ. කුමාර රත්න රේණුක මහතා සඳහන් කළේය.

දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියෑදුරන් අපහසුතාවට ලක්‌ වීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන අතර රියෑදුරු බලපත්‍රයක්‌ හිමි සෑම රියෑදුරකුම මෙම වර්ජනයට සහාය දෙනු ඇතැයිද එ මහතා ප්‍රකාශ කළේය.

මෙම වර්ජනය සඳහා බවුසර් සහ බහාලුම් රියෑදුරන්ගේ සහායද හිමි වන බවත් කොළඹ නගරයේ ධාවනය කෙරෙන සියලුම ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ සහාය හිමි වන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම බස්‌ වර්ජනයට පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගම් කිසිවක්‌ දායක නොවන බවද එම සංගම්වල නියෝජිතයෝ මාධ්‍ය වෙත පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *