කාන්තාවන් රවටා මුදල් – දේපළ වංචාකළ සැකකරුවෙක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාලයෙන් හා පුවත්පත් දැන්වීම් ඔස්සේ කාන්තාවන් රවටා මුදල් හා දේපළ වංචා කළ පුද්ගලයෙකු පූගොඩ, ලුණුගම ප්‍රදේශයේදී ඊයේ(14) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් පුවත්පතක මංගල දැන්වීම් පළ කරමින් විවාහ කරගන්නා බව පවසා කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

2017. 10. 21 දින මිරිහාන පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් මිරිහාන විහේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක් රවටා ලබාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, මෝටර් රථයක් හා රුපියල් 123,000ක මුදලක් ද කළුතර ප්‍රදේශයේ කාන්තාවකගෙන් ලබාගත් රුපියල් 120,000ක මුදලක් ද පොලීසිය බාරයට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පූගොඩ, ලුණුගම, පනාවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද (15)නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මිරිහාන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =