ටෙනාගා මෝටර් රථ ගාල් කිරීමේ ගෙවීම් සදහා ප‍්‍රීමි ඩිජිටල් බැංකුව තෝරාගනියි

දකුණු ආසියාවේ විශාලතම වාහාන ගාල් කිරීමේ කලමණාකරන සමාගම වන ටෙනාගා කාර් පාර් ක් පසුගියදා සිය ගෙවීමේ සහකරුවෙකු ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ඩිජිටල් බැංකුව වන ප‍්‍රීමි (FriMi) සමග සම්බන්ධ විය.

ඒ අනුව මෝටර් රථ රියදුරන් සිය වාහාන ගාල් කිරීමේ ගෙවීම් ටෙනාගා ස්මාට් පාර් ක් ඇප් එක ඔස්සේ ප‍්‍රීමී මගින් සිදුකළ හැකියි. ප‍්‍රීමී නේෂන් ට‍්‍රස් බැංකුව මගින් සවිබලගන්වා ඇත.

අදාල ගිවිසුමට ටෙනාගා කාර් පාර් ක් හි ප‍්‍රධාන විධායක නිළධාරී සහ කළමණාකාර අධ්‍යක්‍ෂ දුමින්ද ජයතිලක සහ ප‍්‍රීමි ඩිජිටල් බැංකුවේ ප‍්‍රධානී නසීම් මොහොමඞ් අත්සන් තැබුවේය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුමින්ද ජයතිලක මහතා කියා සිටියේ ප‍්‍රීමි අපගේ පාකින් ගෙවීමේ සහකරු ලෙස සම්බන්ධ කරගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි. විශාල පරාසායක විහිදුනු සේවාවක් සහිත ඩිජිටල් බැංකුවක් වන ප‍්‍රීමි වලට ශ‍්‍රී ලංකාවේ බැංකු ගණනාවක් සම්බන්ධ වී ඇති නිසා වාහාන හිමියන්ට සිය ගෙවීම් සිදුකිරීම ඉතා පහසු වන බවද ජයතිලක මහතා පෙන්වා දුන්නේය.

ස්මාට් සිටි හෙවත් දියුණු නගරයකට ගමන් කිරීමේදි වාහන ගාල් කිරීමේ ගෙවීම් මොබයිල් ඇපවලින් සිදුකිරීම අත්‍යවශ්‍ය අංගයක් බවත්, එය කොළඹ නගරයටද අතවශ්‍ය දෙයක් බවත්, නසීම් මොහොමඞ් මහතා පෙන්වා දුන්නේය. ප‍්‍රීමි ධාරිතාව අනුව වඩාත් පහසු ගෙවීම් සේවයක් පාරිභෝගික ජනතාවට දීමට හැකි වීම පිළිබදව සතුටු වන බවද ඔහු කියා සිටියේය.

කොළඔ නගරයේ සංවර්ධනයට දායකවෙමින් ප‍්‍රීමි ඩිජිටල බැංකුවේ සියලූම පහසුකම් නිසා මෝටර් රථ රියදුරන්ට සිය ගෙවීම් කිරීම පහසු කර ඇතැයි නසීම් මොහොමඞ් මහතා ප‍්‍රකාශ කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *