දළඳා පෙරහරේ වීදි සංචාරය හෙට ඇරැඹේ

(කොළඹ, ලංකාපුවත්) –හෙළයේ අසිරිමත් මහා කලා මංගල්‍ය ලෙසින් හැදින්වෙන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ පෙරහර වීදි සංචාරය කිරීම හෙට (16) ඇරඹේ.

ලොව පුරා බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බදු ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කැර ගනිමින් සතර මහා දේවාලයන්හි සහභාගිත්වයෙන් දළදා සමිදුන් උදෙසා පූජෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ වීදි සංචාරය කරයි.

හෙට රාත්‍රියේ හය පසුවී විනාඩි දහසයට වයඹ දිශාභි මුඛව පිටත් වන පෙරහර දළදා විදිය ඩී.එස්.සේනානායක වීදිය,ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය,කොළඹ විදිය,යටිනුවර වීදිය රජ විදිය ඔස්සේ ඉහළට විත් ගෙව දීමට නියමිතය.

දින පහක් වීදි සංචාරය කරන කුඹල් පෙරහර මංගල්‍ය අගෝස්තු 20 වැනි දා දක්වා පැවැත්වේ.අගෝස්තු 21 වැනි දා දින රන්දෝලි පෙරහර මංගල්‍ය ආරම්භ වන අතර එය එළඹෙන 25 වැනි දා දක්වා පැවැත්වේ.අසිරිමත් රන්දෝලි මහ පෙරහර එදින රාත්‍රියේ පැවැත්වේ.පසුදා අඵයම දියකැපුම් පෙරහරද අනතුරුව එදින දහවල් කාළයේ දහවල් පෙරහැරද පැවැත්වේ.

ඉපැරැණි චිරාගත සම්ප්‍රදායනුකූලව මහනුවර ජනාධිපති මන්දිරිය වෙත පෙරහරකින් පැමිණෙන ශ්‍රි දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පෙරහර සාර්ථකව නිමා කළ බව සඳහන් සංදේශය එහිදී රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමන් වෙත භාාර දිමෙන් පසු මෙවර පෙරහර මංගල්‍ය නිමා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 10 =