පෝල් වෝකර්ගේ ජීවිත කතාව වැඩසටහනකට

(කොළඹ, ලංකාපුවත්) – ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවෙන් ලෝකයක් වසගයට ගැනීමට සමත් වූ පෝල් වෝකර්ගේ ජීවිත කතාව පිළිබඳව වාර්තාගත වැඩසටහනක් නිර්මාණය කිරීමට පැරමවුන්ට් චිත්‍රපට නිෂ්පාදන ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

වෝකර්ගේ මෝටර් රථය අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

2013 වසරේ නොවැම්බර් 30වනදා වෝකර් මේ අවාසනාවන්ත අනතුරට ලක්විය.

මිය යනවිට 40 වන වියේ පසුවූ ඔහු පිළිබද විස්තර මේ වන විට ඔහුගේ පවුලේ අයගෙන් ලබාගනිමින් සිටින බවද සඳහන් වේ.

ඔහු මිය ගොස් මේවන විට වසර 05කට ආසන්න වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *