අපේ අරගලය ග‍්‍රාමීය ප‍්‍රදේශ දියුණු කිරීමයි – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –නැවත බලයට පත්වීමේ රාජපක්‍ෂවරුන්ගේ සිහිනය කිසිදා සැබෑවක් නොවන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ අනාගතය කෙසේ වෙතත්, බලය ලබා ගනිමින් සැපසේ ජීවත්වීම පමණක් රාජපක්‍ෂවරුන්ගේ අභිප‍්‍රාය වී ඇති බවයි. වත්මන් රජය විසින් කි‍්‍රයාත්මක සෑම දෙයක්ම විචේඡුනය කරමින් පොහොට්ටු කල්ලිය සමස්ථ දේශයටම වෛර කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්‍ෂයේ ග‍්‍රාමීය සංවිධාන නායකයින් සමග ඊයේ (14) ආණමඩුව එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ පැවැති සාකච්චාවකදීයී. ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට අදාලව මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය,

ජන බලයෙන් පරාජය වූ කල්ලියක් නැවතත් බොරු කියමින් රට වටේ යමින් සිටිනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත් බවට පුරසාරම් දෙඩුවත් ඔවුන්ට රටේ බහුතරය හිමි වී නැහැ. වසර තුනක කාලයක් සමගි ආණ්ඩුවක් ලෙස අපි බොහෝ දේ රටට දායාද කර තිබෙනවා. ඒ කාලය තුළ ඒකාබද්ධ හා පොහොට්ටු කල්ලි විසින් සිදු කළේ මොනවාද යන්න අපි ප‍්‍රශ්න කළ යුතුයි. ඔවුන් සිදු කළේ රජයේ යහපත් සියළු වැඩසටහන් යක්‍ෂයෙක් ලෙස ගෙනහැර දක්වමින් ජනතාව මුලා කිරීම පමණයි. එය සැබෑ විපක්‍ෂයකට පැවරෙන වගකීම නොවෙයි. ලෝකයට සමගාමීව මෙරට ජන සමාජයද දිනෙන් දින දියුණු වනවා. බුද්ධිමත් සමාජයක් ලෙස අද සියල්ල දකින්නට අපේ ජනතාව සමත්. එය තේරුම් ගැනීමටවත් ඒකාබද්ධ හා පොහොට්ටු කල්ලි අසමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් අපි අපේ කාලය තුළ රටට දැනෙන වැඩ කොසක් සිදු කළ යුතුයි. මෙගා ව්‍යාපෘති පමණක් නොව ග‍්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු ව්‍යාපෘති මොනවාදැයි අපි හදුනාගත යුතුයි. ආණමඩුව වැනි රටේ දුෂ්කර ප‍්‍රදේශවලට තවමත් ප‍්‍රතිලාභ හිමිවන්නේ ඉතා මන්දගාමීවයි. අප අරගල කළ යුතු වන්නේ මෙම අසමාන තත්ත්වයන් දුරු කර ගැනීමටයි. අප වෙහෙසෙන්නේ ඒ සඳහායී. එවැනි අවස්ථාවල ආණ්ඩුවට අභීයෝග කරමින් හෝ අවශ්‍යතා දිනා දෙන්න මා කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *