ලක්ෂපාන – ඉහළ කොත්මලේ වාන්දෙරටු 03ක් විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –අධික වැසි සමග ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ලක්ෂපාන සහ ඉහළ කොත්මලේ ජලාශවල, වාන්දොරටු 03 බැගින් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එම වාන් දොරටු විවෘත විමත් සමඟ කොත්මලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණ හොත් එම ජලාශයේ සෙසු දොරටුද ස්වයංක්‍රියව විවෘත වන නිසා ඉහළ කොත්මල ජලාශ වේල්ලට පහලින් ගග දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස දැනුම් දීමක් ද කරනු ලැබේ.

එසේම ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් අද අළුයම සිට විවෘත කිරිම නිසා කැලණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *