විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 03ක ජයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ(14) පැවති 20-20 තරගයෙන් කඩුලු 03ක ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළේය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාණු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තීරණය කළ අතර ප්‍රථම කඩුල්ල ලකුණු 14 දී දැවී ගියේය. ප්‍රථම කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු නොලබා සිටි හෂීම් අම්ලා ය. ප්‍රථම කඩුල්ල දැවී යාමෙන් පසු දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

ඒ අනූව දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 20ක් ලබා ගත් කුවින්ටන් ඩිකෝප් ය. රීසා හෙන්ඩ්‍රික් ලකුණු 19යි. හෙන්ඩ්‍රිච් ක්ලාසන් ලකුණු 18යි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98කට සීමා කිරීමට ශ්‍රිලංකාවට හැකිවිය. ලක්ෂාන් සඳකැන් ලකුණු 19ක කඩුලු 3ක් ද, අකිල ධනංජය ලකුණු 15ට කඩුලු 2ක් සහා ධනංජය සිල්වා ලකුණු 22ට කඩුලු 2ක් ලෙස දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 99 ලබා ගත්තේ 16 වැනි පන්දුවාරායේ කඩුලු 7ක් දැවීමෙන් ය. නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 36ක් රැස්කළ අතර ධනංජය සිල්වා ලකුණු 32ක් රැස් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *