නයිල් ගඟේ බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි

(කොළඹ, ලංකාපුවත්) – නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් ඇත.

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟ හරහා සිසුන් පාසල වෙත ගමන් කරමින් සිටියදී බෝට්ටුවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙහි වයය අවුරුදු 07ත් 16ත් අතර දරුවන් සිටි බව අදාළ පාසලේ විදුහල්පතිවරයා බීබීසී පුවත් සේවය වෙත සදහන් කර තිබේ.

අනතුර සිදුවන විට බෝට්ටුවේ සිසුන් 40 කට අධික පිරිසක් සිටි බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *