පස් හා වැලි ප්‍රවාහන බලපත්‍ර කූඨ ලෙස සැකසූ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් පස් හා වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ, කළගෙඩිහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ අදාළ ස්ථානය සීදුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් පිරිසක් විසින් වටලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එම ස්ථානයේ තිබී ව්‍යාජ බලපත්‍ර සකස් කිරීම සඳහා යොදාගත් පරිඝණක 02ක්, මුද්‍රණ යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ව්‍යාජ රබර් මුද්‍රා 49ක් මෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ බලපත්‍ර 62ක් සහ රබර් මුද්‍රා සකස් කරන මැෂිමක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බෙම්මුල්ල, කඳඔළුවාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.

සැකකරු අද(16) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =