බන්ධනාගාරයට නව පොලිස් ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර පොලිස් ඒකකයක් පිහිටු වීමට තීරණය කළ බව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

අද(16) රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

පසුගිය දා බන්ධනාගාර බුද්ධි අශ විසුරුවා හැරීමත් සමඟ මෙම තීරණය ගත් බව ද ඇය සදහන් කළාය. බන්ධනාගාර කටයුතුවලදී ක්‍රියාත්මක වීම සදහා එය නීත්‍යානුකූල බලයක් තිබෙන ස්ථානයක් බවට පත් කරන බවද අමාත්‍යවරිය පැවසුවාය.

බන්ධනාගාර ඉතිහාසය තුළ මෙවැනි ඒකකයක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වේ. 2010 වසරේ සිට පැවැති බන්ධනාගාර බුද්ධි අංශය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකගේ වගකීමක් නොතිබුණු බව ද අමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නේය . එබැවින් ඇතැම් විට එම අංශය උසස් නිලධාරීන්ගේ අවශ්‍යතාව මත හා දේශපාලන අදිකාරියේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වූ බව ද ඇමතිවරිය වැඩිදුරටත් මෙහිදී සිහිපත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *