ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට වාතාවරණයක් වත්මන් රජය නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු හාරදහසක් බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(16) සිදුකෙරුණි.

උත්සවයට පැමිණෙන අතරතුර ප්‍රදේශයේ රැස්ව සිටි ජනතාව සමග අග්‍රාමාත්‍යවරයා කතාබහක නිරත විය. එහිදී සුලු පරිමාණ මැණික් පතල්කරුවන් අග්‍රාමාත්‍යවරයා වෙත තමන් මුහුණපාන ගැටලු ඉදිරිපත් කරනු ද දක්නට ලැබුණි.

අනතුරුව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ ජනතාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =