එංගලන්තය ඉදිරියේ දණ නැමූ ඉන්දීය පිලේ හිත හදන්න සංගක්කාර එයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම නායක විරාත් කෝලි මතම යැපෙන කණ්ඩායමක් බව හැඳින්වීම අසාධාරණ බව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර පවසයි.

එංගලන්තය හා ඉන්දියාව අතර බර්මින්හැම්හි හා ලෝඩ්ස්හි පැවති ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කරනු ලැබුවේ ඉන්දියාව අතර බොහෝ දෙනා චෝදනා කලේ ඉන්දියානු කණ්ඩායම විරාත් කෝලි මතම යැපෙන කණ්ඩායමක් බවයි.

මම හිතන්නේ එලෙස ප්‍රකාශ කිරීම අනෙක් පිතිකරුවන්ට කරන අසාධාරණයක් .අප දන්නවා විරාත් කෝලි පසුගිය වසර ගණනාවෙම මෙලෙස දක්ෂතා දැක්වුවා. නමුත් අනෙක් පිතිකරුනුත් ඉහළ දක්ෂතාවක් ඇති ක්‍රීඩකයෝ.පූජාරා රහනේ ධවාන් කේල් රාහුල් වැනි පිතිකරුවන් අපට අමතක කරන්න බැහැ.

මෙම තරඟාවලියට මනා පෙර සුදානමක් නොකිරිම ඉන්දියාවේ අසාර්ථක්වයට හේතුව බවද සංගක්කාර මෙහිදී පෙන්වා දෙයි.

විරාත් කෝලි පිලිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති හිටපු ශ්‍රීලංකා නායකයා මෙහිදී පවසා ඇත්තේ,

“ඔහු සමග ටික කාලයක් හෝ පිටියේ ක්‍රීඩා කරන්න ලැබුණ එක මට වාසනාවක්. ඔහු ඉතා විවෘතව කතා කරන පුද්ගලයෙක්.ඔහු ක්‍රීඩා කරන විට 100%ම අවධානය දෙන්නේ ක්‍රීඩාවට. මම හිතන්නේ කෝලි හොඳ නායකයෙක්.කාලයත් සමග පරිණත වෙනකොට ඔහු වඩා හොඳ නායකයෙකු වේවි“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *