වජ්පායිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු අද(17) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

අවමංගල්‍ය උත්සවය නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතය.

එසේම ඉන්දියාවේ දින හතක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

වජ්පායි භාරතීය ජනතා පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකි. මේ වන විට ඉන්දියාව පාලනය කරන්නේ ද භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුවකි.

අතල් බිහාරි වජ්පායි 1996 හා 2004 කාල පරාසය තුළදී තුන් වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු බවට පත් කිරීම සඳහා සුවිශාල සේවාවක් ඉටු කළ නායකයෙකු ලෙස සැලකේ.

ඔහු භාරත් රත්න හා පද්ම විභූෂණ සම්මානවලින් ද පිදුම් ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *