ශෝකය ප්‍රකාශ කරන්න ඇමති කිරිඇල්ල ඉන්දියාවට යයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය පිළිබද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩ නිකුත් කර තිබේ.

ලෝක නායකයින් රැසක් ද හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩ නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවමගුල් උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහභාගී කරවීමට තීරණය කර ඇත.

අඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යවරයා අද (17) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *