ජපාන ආරක්ෂක ඇමති අද ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙක් මෙරට සංචාරයක නිරතවනු ඇත.

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා මහතා අද (20) සංචාරයක් සදහා ශ්‍රී ලංකාවය පැමිණෙනු ඇත.

ජපාන ආරක්ෂක ඇමැතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ අනුව ඒ මහතා අද මෙරටට පැමිණෙන බවද ලබන 22වනදා තෙක් මෙරට රැඳී සිටින බව ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේ මෙන්ම කොළඹ සහ ත්‍රිකුණාමල වරායේ සංචාරයකට ද එක්වීමට නියමිතව ඇත. හම්බන්තොට වරාය චීනය වෙත පැවරීමෙන් පසු ජපාන ආරක්ෂක අමාත්‍යවරයා එහි සංචාරය කිරීම විශේෂත්වයක්.

ඉට්සුනෝරිගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමීප සහයෝගීතාවකට එළඹීමයි.

ශ්‍රී ලංකා සංචාරය තුළදී ඔහු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට මීටර 30 ක් දිග මුර සංචාර යාත්‍රාවක් පිරිනැමීමටද නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *