නයිජීරියාවේ කොලරා වසංගතයෙන් 186 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –නයිජීරියාවේ කොලරා වසංගතය වැළඳීමෙන් පුද්ගලයින් 186 දෙනෙකු මිය ගොස් ඇත.

ෙපුද්ගලයින් 16,000කට අධික සංඛ්‍යාවකට වසංගතය වැළඳී ඇති බවයි නයිජීරියා සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආහාර හා ජලය මගින් ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර මෙම රෝගය ව්‍යාප්ත වන බව සඳහන්ය.

පාචනය හා විජලන තත්ත්වයන් සදහා නිසි අයුරින් ප්‍රතිකාර නොලද හොත් මරණයට පත් වීම මේ හරහා සිදු වේ.

මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නිසි ප්‍රතිකාර තමන් සතුව නැති බව නයිජීරියා රෝහල් බලධාරීන් පවසයි. නයිජීරියා ජාතිකයින් මිලියන 110 කට ප්‍රමාණවත් සනීපාරක්‍ෂක පහසුකම් නොමැති අතර ඉන් මිලියන 70 කට පිරිසිදු පානීය ජලය ද නොමැති බව ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙයි.

එසේම කොලරා වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් නයිජීරියාව තුළ මේවන විට ක්‍රියාත්මක බවද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *