ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ පුරවැසියන්ට උපරිම බලය ලබා දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ කෑගල්ල ප්‍රදේශයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ වත්මන් රජය බෙර නොගසන,වැඩ කරන රජයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *