පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය අද(20) උදෑසන දිවුරුම් දී තිබේ. මෙම අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් 06 දෙනෙකු ඇතුලත් ය.

එසේම උපදේශකයින් පස් දෙනෙකු ඇතුළත් බව සදහන් වේ.

ඉස්ලාමාබාද් නුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේය.

නව අග්‍රාමාත්‍යවරයා පසුගිය සෙනසුරාදා දිවුරුම් දීම සිදු කෙරුණි.

පසුගිය ජූලි මාසයේ දී පැවති මහ මැතිවරණයෙන් පී ටී අයි පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවිය.

නව පාකිස්තාන කැබිනට් මණ්ඩලයේ පර්වේස් කාටක් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් අසාද් උමර් මුදල් අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ශා මෙහෙමුද් ක්වර්ෂි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *