මහනුවරට විශේෂ දුම්රිය සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) –මහනුවර ඇසළ මංගල්‍යය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට(21) සිට ලබන 26 වැනි දින දක්වා ක්‍රියාත්මකය.

ඒ අනූව, අමතර දුම්රිය 5ක් දෛනිකව ධාවනය කරන බව, ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කළේය.

එම කාලය තුළ විශේෂ දුම්රියක් උදේ 9.50ට කොළඹ කොටුවෙන් ආරම්භ වේ. එය මහනුවරට ළඟා වන්නේ දහවල් 1.15ට ය. මහනුවරයින් රාත්‍රි 11.45ට කොළඹ කොටුව බලා දුම්රියන් පිටත් වන අතර, එය අලුයම 3.01ට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත ය.

ඊට අමතරව, මහනුවර සිට නාවලපිටිය දක්වාද, රාත්‍රී 11.45ට විශේෂ දුම්රියක් ධාවනය කෙරේ. එය නාවලපිටියට ළඟාවන්නේ අලුයම 1.09ට. ලබන 26 වැනිදා කොළඹ කොටුවෙන් උදේ 7.05ට විශේෂ දුම්රියක් පිටත්වන අතර එය මහනුවරට ළඟා වන්නේ, පෙරවරු 9.59ට ය.

26 වැනි දා මහනුවරින් සවස 7.00ට පිටත්වන දුම්රිය රාත්‍රී 10.42ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + fourteen =