හික්කඩුව මුහුදු තීරයේ දී යාත්‍රාවක් අනතුරට

(කොළඹ, ලංකාපුවත්) –අම්බලන්ගොඩ, ධීවර වරායෙන් ඊයේ(19) උදෑසන10.30ට පමණ පිටත්ව ගිය යාත්‍රාවක් හික්කඩුව ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේ දී දියරළකට හසුවී අනතුරට ලක්ව තිබේ.

ධීවර යාත්‍රාව හා එහි සිටි ධීවර කාර්මිකයින් පිළිබඳව මේ වන විටත් කිසිඳු තොරතුරක් නොමැති බව නාවික හමුදාව පවසයි. අනතුර පිළිබඳ අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරු අනුව මේවන විට විමර්ශන ආරම්භ කර ඇත.

මෙහි 11 දෙනෙකු ගමන් කර ඇති අතර, ඊයේ පස්වරු 5.45ට පමණ ඔවුන් තම ඥාතීන්ට ජංගම දුරකථනවලින් අමතා, යාත්‍රාව දිය රළකට හසුවී අනතුරකට පත්ව ඇති බව දැනුම්දී තිබේ.

එසේම සියලු සබඳතා රාත්‍රී 9.00න් පසු ඇණහිට ඇති බව පොලීසිය සදහන් කළේය.

සිද්ධිය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා නාවික හමුදාව දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාව සහ එහි ගමන් කළ ධීවර කාර්මිකයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. ධීවර බෝට්ටුව සොයා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රා දෙකක් සහ එක් වෝටර් ජෙට් යාත්‍රාවක් පිටත්කර ඇතැයි සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 1 =