නව පකිස්තාන අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –පකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක්කර තිබේ

ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, නව අග්‍රාමාත්‍යවරයා යටතේ පකිස්තානය සාමය, සෞභාග්‍යය හා ස්ථාවරත්වය අත්පත් කර ගනු ඇති බවයි.

වසර 22ක දේශපාලන අත්දැකීම් සතු, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කර ඇත්තේ දෙරට අතර දිගු කලක පටන් පවත්නා ඉතා සුහද මිත්‍ර සබදතා සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවත් වර්ධනය කර ගැනීමේ ඉඩකඩ දැන් පවතින බවයි. එකී මිත්‍රත්වය තවදුරටත් සවිමත් කිරීමටත් සහයෝගීතාව පුළුල් කර ගැනීමටත් නව අගමැතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමටත් අපේක්‍ෂා කරන බව ජනාධිපතිතුමා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *