මැතිව් අබේසිංහගෙන් පිහිනුම් ඉසව්වෙන් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –18වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වෙන්, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මැතිව් අබේසිංහ සමත් විය.

ශ්‍රී ලංකාවේ තරග ඉසව් ආරම්භ කරමින් ඊයේ(19) උදෑසන පැවැති මීටර් 200 නිදහස් ආර මූලික වටයේ පිහිනුම් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට මැතිව් අබේසිංහ සමත් විය.

තරගය නිමා කිරීමට විනාඩි 1:0.97ක කාලයක් ගත කළ ඔහු බිඳ දැමුවේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාවය.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් 34ක් සහභාගිවූ මේ ඉසව්වේ 12 වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *