ඇෆ්ගන් ජනපති මන්දිරයට රොකට් ප්‍රහාර

(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි, හජ් උත්සවය නිමිත්තෙන් රූපවාහිනිය ඔස්සේ සජීවීව අදහස් දක්වමින් සිටියදී, සටන්කාමීන්ගෙන් ජනාධිපති මන්දිරය දෙසට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වි තිබේ.

රොකට් ප්‍රහාර 12 ක් පුපුරා ගිය අතර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ල වු බව එරට ආරක්ෂක අංශ සදහන් කර ඇත.

අෂ්රෆ් ගානි ජනාධිපතිවරයා හජ් වෙනුවෙන් රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස අදහස් දක්වමින් සිටිය දී එල්ල වී ඇති මෙම ප්‍රහාරවලින් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව සදහන්ය.

පළමු රොකට් ප්‍රහාරය ජනාධිපති මන්දිරයටත්, දෙවැන්න කාබුල් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයටත් එල්ල වී ඇති බව වාර්තාවේ. නමුත් තානාපති කාර්යාලයට කිසිදු හානියක් සිදුව නොමැත.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *