මුහුදේ ගසාගෙන යමින් සිටි දෙදෙනෙක්ව බේරා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දෙදෙනකු මුහුදේ ගසාගෙන යමින් සිටිය දී ත්‍රිකුණාමල පොලිසියට අනුයුක්ත පොලිස් ජීවිතාරක්‍ෂක ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

ඊයේ (20) දහවල් කාලයේ දී මෙම සිද්ධිය සිදුව තිබේ.

මෙලෙස දියේ ගසාගෙන ගොස් ඇත්තේ වයස අවුරුදදු 14ක් වූ ත්‍රිකුණාමලයේ පදිංචි දැරියක් හා වයස අවුරුදු 29ක් වූ යාපනයේ පදිංචි තැනැත්තෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + twenty =