හොර නෝට්ටු සමඟ තරුණියන් දෙදෙනෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙන්ක උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උහන පොලිස් වසමේ බණ්ඩාරදූව ප්‍රදේශයේ දී ඊයේ(20) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අදාළ සැකකාරියන් දෙදෙනා සන්තකයේ තිබී ව්‍යාජ මුදල් රුපියල් 5,000 නෝට්ටු 03ක් හා රුපියල් 1000 නෝට්ටුවක් තිබී ඇත.

අත්අඩංගුවට පත් සැකකාරියන් අදෙදෙනා වයස අවුරුදු 23 හා 24 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරියන් වේ. එම සැකකාරියන් දෙදෙනාය අද(21) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 2 =