ළමා අයිතිවාසිකම් ගැන ළමයා මෙන්ම වැඩිහිටියන්ද දැනුවත් නැහැ – වෛද්‍ය හිරන්ති විජේමාන්න

(කොළඹ, ලංකාපුවත්) – ළමා අයිතිවාසිකම් පිළිබඳව ළමයා මෙන්ම වැඩිහිටියන්ද දැනුවත් නැතැයි එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ අධීක්ෂණ කමිටුවේ හිටපු නියෝජ්‍ය සභාපති වෛද්‍ය හිරන්ති විජේමාන්න මහත්මිය සදහන් කළාය.

ළමා අයිතිවාසිකම් පිළිබඳව ළමයා මෙන්ම වැඩිහිටියන් ද දැනුවත් කිරීමට ජනමාධ්‍ය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළ යුතු බව වෛද්‍ය හිරන්ති විජේමාන්න මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ගුණසේකර එදිරිවීර මහතා විසින් රචින් ‘ළමයා හා ජනමාධ්‍ය වාර්තාකරණ’ කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී පැවති මෙම උත්සවයේ දී ගුණසේකර එදිරිවීර මහතා විසින් රචිත ඉහත කෘතියට අමතරව තවත් කෘති දෙකක් එළිදක්වන ලදී.

මෙම පොත් දොරට වැඞීමේ අවස්ථාවේ දී කැලණි විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රොහන් ලක්ෂමන් පියදාස මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය හා ශ‍්‍රී පාලි මණ්ඩපයේ ආචාර් ටියුඩර් වීරසිංහ මහතා විසින් කෙටි දේශන පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + fifteen =