ශ්‍රී ලංකා 20-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය අද(21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

කොළඹ, දඹුල්ල, ගාල්ල හා මහනුවර කණ්ඩායම් හතරක් මෙම තරගාවලියට සහභාගීවන අතර එම කණ්ඩායම්වලට ජාතික පිල හා පළමු පෙළ නියෝජනය කරන ක්‍රීඩකයින් 75ක් ඇතුලත්ව සිටිති.

සෑම තරගයකදීම එක් කණ්ඩායමකට 19න් පහල ක්‍රීඩකයෙකු සහභාගීකරවීම අනිවාර්ය කිරීමට විස්සයි 20 ලීග් ක්‍රිකට් තරග කමිටුව තීරණය කොට ඇත. එමගින් මුල් පෙලේ ක්‍රීඩකයින් සමග නැගී එන යොවුන් ක්‍රීඩකයින් මිශ්‍රණය කොට ක්‍රීඩා කිරීමේ අවස්ථා සැලසීම අරමුණු කෙරේ.

ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ හා දඹුල්ල යන ක්‍රිඩාංගණවලදී දිවා-රාත්‍රී තරග ලෙසින් සෑම දිනකම තරග දෙකක් පැවැත්වෙන අතර සැප්තැම්බර් 02දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට ඇතුලත් කොට ඇති අතර මෙම තරගාවලියේ ඔහු දක්වන දස්කම් මත ජාතික කණ්ඩායමේ දොරටු විවෘත වීමේ හෝ නොවීමේ අවසන් අවස්ථාව උදාවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *