පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුණු විකෘතිතාවයකින්

(කොළඹ, ලංකාපුවත්) –මංකොල්ලකෑම් සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම, සිද්ධිමය කරුණු විකෘතිතාවයකින් බව, පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්‍ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(21) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සිද්ධිමය කරුණු වැරදීමකින් බවයි.

ඒ අනුව කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මුදාහැර ඇති බව පොලිසිය පවසයි.

මෙම කොල්ල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 13 =