මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කල්පිටිය, කදිරමලේ මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඔවුන් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ දැල් ආම්පන්න ද නාවික හමුදාව භාරයට ගෙන ඉදිරි විමර්ශන සදහා ඊයේ(21) ධීවර පිරිස කල්පිටිය පොලිසියට භාර දී ඇත.

ඔවුන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදංචිකරුවන් පිරිසක් බව සදහන් ය.

අත්අඩංගුවට ගත් ධීවරයින් අද(22) පුත්තලම ධීවර කාර්යාලයට බාරදීමට නියමිත අතර කල්පිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + seventeen =