මෙරට ඉඩම් විදේශිකයන්ට විකුණන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –වත්මන් රජය මෙරට ඉඩම් කිසිවිටෙක විදේශිකයින්ට විකුණන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබාදීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණේ බද්දේගම මහජන ක්‍රීඩාංගනයේදී ය.

ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. සෑම පවුලකටම නිවසක හිමිකම ලබාදීම සදහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 8 =