වැටුප් විෂමතා ඉවත් කිරීමට පත්කළ කොමිසමේ නිලධාරීන්ගේ නම් ගැසට් පත්‍රයට

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා පත්කළ කොමිසමේ නිලධාරීන් 15 දෙනෙකුගේ නම් ගැසට් පත්‍රය සදහා යොමුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිර්දේශ මත මෙය සිදුව ඇත.

එම කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කර ඇති බව සඳහන්ය.

කේ.එල්.එල් විජේරත්න, ටී.පී කොල්ලුරේ, සී.පී සිරිවර්ධන, සුදර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, ජී.එස් එදිරිසිංහ, ඒ.ආර් දේශප්‍රිය, බී.පී.පී.එස් අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී ජයකොඩි සහ එම්.සී වික්‍රමසේකර යන මහත්ම මහත්මින් එහි සෙසු සාමාජිකයින් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *