විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානෝත්සවය 2018 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

බලශක්තිය හා සම්බන්ධ සියලූ අංශවල බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කරමින් හා පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව වාර්ෂිකව මෙය සංවිධාන කරනු ලබයි.

අදාළ වර්ෂය තුළ ප්‍රශස්ත මට්ටමින් බලශක්තිය කළමනාකරණය කරගනිමින්, ආයතනික මෙහෙයුම් දියත් කළ ආයතන සහ සාර්ථක බලශක්ති කාර්යක්ෂමතා ව්‍යාපෘති ඉදිරිපත් කළ හා ක්‍රියාත්මක කළ ආයතන මෙම සම්මාන උලෙළේ දී ඇගැයීමට ලක් කෙරේ.

මෙවර කාණ්ඩ 04 ක් යටතේ සම්මාන ප්‍රදානය සිදු කෙරුණු අතර බලශක්ති කාර්යක්ෂමතා වර්ධනය බලශක්ති කාර්යක්ෂමතා තාක්ෂණ සැපයුම්, හෝටල් ක්ෂේත්‍රය මහාපරිමාණ, නිෂ්පාදන ක්ෂේත්‍ර සුථ පරිමාණ යන කාණ්ඩ යටතේ ජයග්‍රාහකයන්ට රජත ජ්වාල සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්.බී.එම්.එස්. බටගොඩ, ශ්‍රි ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න, අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් සේපාල යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *