අනතුරට ලක්ව පිහිනමින් සිට ඉන්දීය ධීවරයන් බේරගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පිහිනමින් සිටි ඉන්දීය ජාතිකයින් හය දෙනෙකු ඊයේ(22) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඔවුන් පැමිණි බෝට්ටුව ගැඹුරු මුහුදේ දී අනතුරකට ලක්ව ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.

කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් මෙරට මුහුදු සීමාවේ කළ සංචාරයක දී මෙම ධීවරයන් පිරිස නිරීක්ෂණය වී තිබේ.

ඔවුන් වයස අවුරුදු 43, 34, 29 හා 26 වයස්වල පසුවන ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකරුවන් ය. ඔවුන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *