අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඒ අනුව අර්ධ සුඛෝපභෝගී සේවාවල නිරත බස් රථ, සාමාන්‍ය සේවා සඳහා හෝ සුඛෝපභෝගී සේවා සඳහා යෙදවීමට බස් හිමියන්ට අවස්ථාව දී ඇති බවත් ඊට අදාළ කරුණු විමසීම් මේ දිනවල සිදුවනු බවත් හෙතෙම පවසයි.
බස් හිමියන් 50 දෙනෙකු මේ වන විටත් සේවා මාරු කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් එම සියලු කරුණු ඇතුළත් වාර්තාව භාරදීමෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *