පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

(කොළඹ, ලංකාපුවත්) –පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බවත් වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද එම නිවේදනයෙහි දැක්වේ.

සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *