ප්‍රබල ගනයේ කුණාටුවක් හවායි දූපත්වලට ළඟා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කුණාටු වර්ගීකරණයේ 04වන කාණ්ඩයට අයත් ප්‍රබල ගනයේ කුණාටුවක් පැසිෆික් සාගරයේ හවායි දූපත් වලට බලපෑමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව අන්තර්ජාතික කාලගුණ විශේෂඥයන් අනතුරු අගවයි.

හවායි – හොනලූලූ ,ඕවාහු ,මාවුයි ,ලහායි , මොලකායි යන මෙම දූපත් වලට කුණාටුව ලක්වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ලේන් නමැති පැයට කිලෝමීටර 260 ක වේගයෙන් හමා යන සුළි කුණාටුවත් සමග අධික වර්ෂා තත්ත්වයක් ද ඇති විය හැකි බව සදහන් ය.

ඒ හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ද ඇති වීමේ ඉඩකඩ පවතින බවට අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත් මේ වන විට ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

හවායි දූපත්වල පදිංචිව සිටින ජනතාවට සිය ස්ථානවලින් ඉවත්වීමට සූදානම්වන ලෙස හවායි ආණ්ඩුකාරවරයා නිවේදනය කර ඇත.

අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව මෙවැනි කුණාටුවක් අවසන්වරට හවායි දුපත් වෙත බලපා ඇත්තේ 1959 වර්ෂයේදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *