මාතර-බෙලිඅත්ත දුම්රිය ධාවනය තව මාස 04කින්

(කොළඹ, ලංකාපුවත්) –මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට සියයට 94කින් අවසන් කර ඇති බවත් ඉදිරි මාස 04 තුළ වැඩ අවසන් කර දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් ඉදිකිරීම් භාර චයිනා මැෂිනරි කෝපරේෂන් ආයතනය පවසයි.

ව්‍යාපෘතිය සඳහා චීනයේ එක්සිම් බැංකුව විසින් ප්‍රතිපාදන සපයනු ලැබේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 4200කට අධික ය. මාතර-බෙලිඅත්ත කොටසේ දිග කිලේ මිටර් 27කි.

කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල හා බෙල්අත්ත ප්‍රදේශවල ප්‍රධාන දුම්රිය ස්ථාන දැනට ඉදිකර අවසන් ය. පිලදූව හා වෙහෙරහේන යන ප්‍රදේශවල උප දුම්රිය ස්ථාන දෙකක් ද ඉදි කෙරේ.

සියලු දුම්රිය ස්ථාන, කාර්ය මණ්ඩල නිවාස ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. සෑම දුම්රිය ස්ථානයක් ආසන්නයේම සුපිරි වෙළෙඳ සැල් ද ඉදිකර තිබීම විශේෂත්වයකි.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මාතර සිට බෙලිඅත්ත දක්වා විනාඩි 20කින් ගමන් කළ හැකිය.

ඉහළම අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව පරිසර හිතකාමී අයුරින් ඉදිකිරීම් ක්‍රියාත්මක කළ බව චයිනා මැෂිනරි කෝපරේෂන් ආයතනය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *