ස්වර්ණාභරණ තොගයක් සමඟ ගුවන්තොටුපළේදී කතුන් 04ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් සිව් දෙනෙකු ඊයේ(23) රාත්‍රී අත්ඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඔවුන් ගෙන ඇත.

මොවුන් සිංගප්පූරුවේ සිට ඉන්දියාවට පැමිණ මුම්බායි සිට නැවත කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර එම කාන්තාවන් විසින් සූක්ෂම ලෙස අදාළ රන් ආභරණ පැළඳගෙන පැමිණ තිබේ.

එම රන් ආභාරණෙවල බර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 595 ක් පමණ වන අතර ඒවාහි වටිනාකම රුපියල් අනූ පන් ලක්ෂ හැත්තෑ එක් දහස් තුන් සිය විස්සක් පමණ වන බව සඳහන්ය.

ඔවුන් භාණ්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනලය ඔස්සේ පිටවීමට උත්සහ දරා තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවක දී රත්රන් තොගය සොයා ගෙන ඇත.

ඔවුන් පිළියන්දල, බත්තරමුල්ල, මුල්ලේරියාව සහ බම්බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාර කාන්තාවන් වයස අවුරුදු 61, 67, 56 හා 46 වැනි වියේ පසුවන්නන් බව හෙළි වී තිබේ.

ශ්‍රී ලංකා රේගුවට නොදන්වා අදාළ රන් ආභරණ ගෙන ඒම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *