ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද

(කොළඹ, ලංකාපුවත්) –බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය අද (24) දිනයේ ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් කෝටි 50ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ සිද්ධියකට අදාළව පසුගිය රජයේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව මෙහිදි විවාදයට ගැනීම සිදුකෙරේ.

මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + sixteen =