දුම්රිය වෘත්තිය සමිති ලබන29 වැනිදා වර්ජනයකට යයි

(කොළඹ, ලංකාපුවත්) – බලධාරීන් සමග පැවති සකච්ඡාවලදී සිය වැටුප් ගැටළු වලට විසදුම් නොලැඹීම හේතුවෙන් අගොස්තු මස 29 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කරයි.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත් විණි.

එම සාකච්ඡාව අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේය.

ඒ අනුව වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා මින් පෙර වර්ජනයක් සිදු කළ දුම්රිය ස්ථානාධිපති, නියාමක, රියැදුරු හා පාලක යන වෘත්තින් වලට අයත් නිලධාරීන් මෙම වර්ජනයේ නිතර වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *