පළාත් සභා මැතිවරණ සීමා නිර්ණ විවාදය අද

(කොළඹ, ලංකාපුවත්) –පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරිමේ කමිටු වාර්තාව අද (24) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සීමා නිර්ණය කමිටු වාර්තාව පිළිබඳ ඡන්දයක් පැවත්වීම සම්බන්ධයෙන් අද රැස්වී තීරණය කරන බව ඊයේ (23) පැවති පක්ෂ නායක රැස්වීමේදී සියළු පක්ෂ නායකයින් එකඟතාව පළකර තිබේ.

මේ පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවත් වාර්තා වෙයි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කම්කරු පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ඇතුලු තවත් පක්ෂ කිහිපයක් ඇතුළත් වේ.
ඒකාබද්ධ විපක්ෂයද සීමා නිර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ඊයේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂව ඡන්දය භාවිත කරන බව ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + nine =