සංගක්කාරට සමවීමට කෝලිට වරමක්

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තය සමග නොටින්හැම්හිදී පැවැති පසුගියදා තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 97 ක්‌ සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක්‌ ලබා ගත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි වත්මන් ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානයට යළි පත් විමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් ලෝක ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල වැඩිම ප්‍රසාද ලකුණු ලබාගත් පළමු පිතිකරුවන් දසදෙනා අතරට එක් විමට විරාත් කෝලිට එක් ප්‍රසාද ලකුණක් ලබා ගැනිමට අවශ්‍යව තිබේ.

මේ වන විට ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණියේ ප්‍රසාද ලකුණු 937 ක්‌ ලබා සිටින කෝලි තවත් එක්‌ ප්‍රසාද ලකුණක්‌ ලබා ගතහොත් එනම් 938 ක් දක්වා පැමණිමට හැකි වුවහොත් ලෝක ටෙස්‌ට්‌ පිතිකරුවන් අතර වැඩිම ප්‍රසාද ලකුණු ලැබු පිතිකරුවන් දසදෙනාගේ කණ්‌ඩායමට එක් විමට හැකියාවක් පවති.

ප්‍රසාද ලකුණූ 938 ලබා ගත් ක්‍රීඩකයින් ලෙස කුමාර් සංගක්කාර,විවියන් රිච්ඩ්සන්,ක්ලයිඩ් වොල්කට්,ගැරී සොබර්ස් සිටින අතර ප්‍රසාද ලකුණූ 961 ක් ලැබු සර් ඩොනල්ඩ් බැඩ්මන් එම ලැයිස්තුවේ ප්‍රමුඛයා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 19 =