ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ සමාරම්භක උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමය ශ‍්‍රී ලංකාව තුළ ආපදා බලපෑමෙන් සුරක්ෂිත වූ සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා පිහිටුවා ගත් විවිධ වූ විෂය ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන වෘත්තීයවේදීන්ගේ එකමුතුවකි.

එක්සත් රාජධානියේ Huddersfield විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩිලන්ති අමරතුංග මහත්මිය විසින් මෙම උලෙළේ ප‍්‍රධාන දේශනය සිදු කරනු ලැබීය.

මහාචාර්ය ඩිලන්ති අමරතුංග මහත්මිය වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ ලේකම් එන්.ඒ. සිසිර කුමාර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ද ආපදා අවදානම් කළමනාකරණය පිළිබඳ ශ‍්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති ආචාර්ය බුද්ධි වීරසිංහ මහතා ඇතුළු සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *