අමෙරිකාවේ සාප්පු සංකීර්ණයක් තුළ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

පරිගණක ක්‍රීඩාවකින් පරාජයට පත්වීමෙන් ඇතිවූ සිත් තැවුල හේතුවෙන් පුද්ගලයෙකු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තමාගේ ද දිවි හානි කර ගෙන තිබේ.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සදහන් වේ.

සිද්ධියෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාගේ වයස අවුරුදු 24 ක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − three =