තුන්වන ඉන්දීය සාගර සමුළුව අදයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී අද (27) ආරම්භ වේ. ‘කලාපීය නව හැඩතල ගොඩනැංවීම‘ යන්න මෙවර සමුළුවේ තේමාවයි.

ඉන්දිය සාගර කලාපයේ මූලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින් සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබද මෙහිදී අවධානය යොමු වනු ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවේ සමාරම්භක සැසියේදී අදහස් දැක්වීමටද නියමිතය.

අමාත්‍ය සාගල රත්නායක , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *