මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.

ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සමඟ ගම්වැසියන් හා වනජීවි නිලධරීන් අතර ඊයේ (26) ඇතිවූ ගැටුමක් මුල් කරගනිමින් ය.

ඇතැම් පුද්ගලයින් ධීවර කටයුතුවල නිරතවන මුවාවෙන් වන උද්‍යානයට පිවිස සතුන් දඬයම් කළ අවස්ථාද මීට පෙර සිදුවී ඇති අතර වනජීවි නිළධාරින් විසින් අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ බල පත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරතව සිටියදී ය.

ගැටුමෙන් වනජීවි කාර්යාලයේ සිටි නිලධාරින් 06 දෙනෙකු තුවාල ලබා හඹරණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =