යාපනයේ අඹු සැමි යුවළ 38කගේ විවාහය රජයේ වියදමින්

(කොළඹ, ලංකාපුවත්) – නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ යුවළ 38ක් දින තුනක දී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන ලදී.

මොවුන් විවාහ කර දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්පරිදි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති නිල මෙහවෙර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් තුනක් අතරතුර දී ය.

ඒ අනුව පසුගිය සිකුරාදා (24) පැවැති සන්දිලිප්පායි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් නීත්‍යානුකූලව විවාහ කළ අතර සෙනසුරාදා (25) උඩුවිල් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු අටක් ද ඉරිදා (26) කරවෙට්ටි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර යුවළ 27ක් ද මෙලෙස විවාහ කරවන ලදී.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ දීර්ඝකාලයක් යුද්ධයට මුහුණ දී තිබූ උතුරු ප්‍රදේශවල නීත්‍යානුකූළව විවාහ නොවූ නමුත් දරුවන් පවා සිටින අඹු සැමියන් විශාල පිරිසක් සිටින බවයි. ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන පැවැත්වෙන භූමියේ දී රජයේ වියදමින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *