‘කලණ‘ හිංසාවට පත්කිරීමේ සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ ඇතා හිංසාවට පත්කිරීමේ සිද්ධියට අදාළව එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.

වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඊයේ (27) කළ පැමිණිල්ලකට අනුව ,සැකකරුවන් පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කළණ ඇතා වසර තුනක පමණ කාලයක් එකම තැන ගැට ගසා තිබුනි අතර ඔහුගේ පාදය තුවාල වී දම්වැලට ඉහළින් මස් දළු පැමිණ තිබු බව වර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =