ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා නිල සංචාරයක් සඳහා අද(28) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වේ.

මෙම සංචාරය තුළදී ජපාන රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට නාවික මුර යාත්‍රා දෙකක් පිරිනැමීම ද සිදු කෙරේ.

නාවික මුර යාත්‍රාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීම මඟින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය සහ සමුද්‍රීය සීමාවන්හි පාලනය ශක්තිමත් කර ගැනිමට උපයෝගී වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම සංචාරය තුළදී ජපාන රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් හමුවිමට ද නියමිතය.

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලබන 30වනදා දක්වා මෙරට රැදී සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =